මැලේසියානු අගමැති හා ශ්‍රී ලංකා අගමැති අතර හමුවක්

Share

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැලේසියානු අග්‍රාමාත්‍ය ශ්‍රී හාජි මොහොමඩ් නජිබ් බින් තුන් හාජි අබ්දුල් රසාක් මහතා අද (19) දින අරලියගහ මන්දිරයේ දී හමු වී සාකච්ඡා පැවැත්වීය.

මෙමඅවස්ථාවටඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායකසංවර්ධන කාර්යභාර සහ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්ඒ.ජේ.එම්මුසම්මිල්, වැඩ බලන රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්‍ෂ ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධනයන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී වී සිටියහ.

Read more

Local News