හිස්බුල්ලාගේ අරමුණ මෙන්න

Share

මුස්ලිම් ජනතාවට යහපත් අරමුණක් පෙන්වාදීම ජනාධිපතිවරණය සඳහා තමා ඉදිරිපත් වීමට හේතුව බව ජනාධිපතිධූර අපේක්ෂක එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතා පවසයි.

අනුරාධපුරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ, තම අරමුණ වන්නේ මුස්ලිම් ජනතාවට හොඳ මඟ පෙන්වීමක් ලබා දීම බවයි.

වසර 10ක කාලයක් තුළ මුස්ලිම් ජනතාව විසින් ගනු ලැබු තීරණය මත මුස්ලිම් හා සිංහල ජනතාව අතර විශාල ගැටුමක් ඇතිව තිබෙන බවද පැවසු හිස්බුල්ලා මහතා, එය ඉදිරියටත් එසේ පැවතුනහොත් තව දුරටත් විශාල ප්‍රශ්නයක් විය හැකි බවත් කියා සිටියේය.

ඒ නිසා තම බලාපොරොත්තුව වන්නේ මහ ජාතිය සමඟ එකට ජීවත් විය හැකි,රට ආරක්ෂා කළ හැකි මෙන්ම ත්‍රස්තවාදී,අන්තවාදී හා ආගම්වාදී නැති හොඳ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නැඟිය හැකි නායකයෙක් තෝරා ගැනීම බවද පැවසු ඒ මහතා, ඒ සඳහා ජනතාවට හොඳ මඟ පෙන්වීමක් සිදු කිරීමට තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වු බවත් පැවසීය.

Read more

Local News