අධිකරණ ඇමති නවසීලන්ත අධිකරණ ඇමති හමුවෙයි

Share

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සහ පොදු රාජ්‍ය
මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුවට සහභාගිවීම සදහා මෙරටට පැමිණ සිටින නවසීලන්ත අධිකරණ
අමාත්‍ය ඇන්ඩෘ ලිට්ල් (ANDREW LITTLE) මහතා අතර හමුවක් (04) පස්වරුවේ කොළඹදී සිදු විය.

එහිදී දෙරට අතර අධිකරණ සහයෝගිතාවය වැඩි දියුණු කර ගැනීම පිළිබදව මෙහිදී අවධානය යොමු විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සහ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීන්ගේ සමුළුව සංගමයට අයත් රටවල්
අතර නීතිමය අවබෝධය දැනුම හුවමාරු කර ගැනීම මෙන්ම සුහදත්වය ඇති කර ගැනීමට හොද අවස්ථාවක් බව
අධිකරණ අමාත්‍යවරිය එහිදී සදහන් කළාය.

පොදු රාජ්‍ය මණ්ඩලය තුළින් සංගමයේ රටවලට විශාල සේවයක් සිදු වන බවත් එය තවදුරටත් වැඩි දියුණු කර
ගත යුතු බවත් අමාත්‍යවරිය පැවසුවාය.

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පවතින ආර්ථික සබදතා පිළිබදවද මෙහිදී අදහස් හුවමාරු විය.

අධිකරණයේ ස්වාධීනත්වය නීතියේ ආධිපත්‍යය ඇති කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ගෙන ඇති පියවර අගය කරන බව
නවසීලන්තය අධිකරණ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මෙවර සමුළුව සඳහා පැමිණිම පිළිබදව ස්තූති වන්ත වෙන බවත් මෙරට අධිකරණ
කටයුතු සංවර්ධනයේදී මෙන්ම අනෙකුත් සංවර්ධන කටයුතු සඳහා නවසීලන්ත රජයේ සහයෝගය අපේක්ෂා කරන
බවත් අධිකරණ අමාත්‍යවරිය පැවසුවාය.

පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අමාත්‍යවරුන්ගේ සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සිය
කෘතඥතාවය පළ කරන බවත් රටවල් අතර නීතිමය සහයෝගිතාවය වර්ධනය කර ගැනීමට මෙය හොඳ
අවස්ථාවක් බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

Read more

Local News