දිවයිනේ බොහෝ පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයට අනුව දිවයින හරහා ඊසාන දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව සඳහන් කරයි.

දිවයිනේ බොහෝ පලාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, ඌව, සබරගමුව සහ දකුණු පළාත් වලත් කළුතර දිස්ත්‍රික්කයේත් සමහර ස්ථාන වල (මි.මි.75 ට වැඩි) සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.

වයඹ සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 50 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read more

Local News