පෞද්ගලික බස් රථ අනතුරුවලින් මිය යන සංඛ්‍යාව ඉහළට

Share

පෞද්ගලික බස් රථ අනතුරුවලින් මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට 167 ක් මියගොස් ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය එස්. කෝදාගොඩ මහතා පවසයි.

2016 වර්ෂයේ ඔක්තෝබර් මාසයට සාපේක්ෂව එම මරණ සංඛ්‍යාව 28 කින් ඉහළයෑමක් බවත්, ලංගම බස්රථවලින්ද පසුගිය වසරේ ඔක්තෝබර් වනවිට 43 ක් මියගොස් ඇති අතර එය මේ වර්ෂයේ ඔක්තෝබර් වනවිට 47 දක්වා වැඩි වී ඇති බවද  පුද්ගලික බස් රථ රියදුරන් සිදුකරන වැරදි හා නීති විරෝධී ක්‍රියා හේතුවෙන් මෙම මරණ සිදුව ඇති බව ද ඔහු පෙන්වා දෙයි.

මේ කරුණු පිළිබඳ අවධානය යොමු කර රථවාහන වැරදි 6 ක් සම්බන්ධයෙන් වැඩි කළ රුපියල් 25000 දඩය ලබන වසරේ මුල සිටම ක්‍රියාත්මක කරවීමට කටයුතු සම්පාදනය කරන බව හෙතෙම පැවැසීය.

Read more

Local News