පැලවත්ත-අකුරේගොඩ යුද්ධ හමුදා මූලස්ථානය ජනපති අතින් විවෘත වෙයි

Share

පැලවත්ත අකුරේගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

යුද, නාවික සහ ගුවන් යන ත්‍රිවිධ හමුදා මූලස්ථානයන් එකම ස්ථානයක පිහිටුවීම සඳහා 2011 වසරේදී මුල්ගල තැබිණි.

අක්කර 77ක භූමි භාගයක ක්‍රියාත්මක කෙරුණු එම ව්‍යාපෘතිය සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් බිලියන 53යි දශම තුනක් වෙයි.

ඒ අනුව පළමු අදියර ලෙස වැඩ නිම කෙරුණු යුද්ධ හමුදා මූලස්ථානය සහ කාර්යාල සංකීර්ණය අද විවෘත කරනු ලැබීය.

Read more

Local News