තැපැල් ඡන්දයේ ඡායාරූප ගත් හමුදා සෙබළෙක් මොණරාගල දී අත්අඩංගුවට

Share

තැපැල් ඡන්දය සලකුණු කරන අවස්ථාවේ තම ඡන්ද පත්‍රිකාව ඡායාරූප ගත කළ යුද හමුදා සෙබළෙකු මොණරාගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්දය භාවිත කිරීමට ලබාදී තිබූ අවසන් දිනය ඊයේ (07) දිනයි.

එම හමුදා සෙබළා ඡන්දය සලකුණු කර එය ඡායාරූප ගත කර ඇති අතර එය නිරීක්ෂණය කළ එම මධ්‍යස්ථානයේ සිටි මැතිවරණ නිලධාරීන් විසින් ඔහු මොණරාගල පොලිස් ස්ථානයට භාරදී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වරුණගම යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරන යුද හමුදා සෙබළෙකු බව වාර්තා වෙයි.

සැකකාර සෙබළා අද (08) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News