හෙරොයින් සමඟ 3ක් නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව ‌සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී ඊයේ (07) දින රඹෑව ප්‍රදේශයේදී හෙරොයින් මිලිග්‍රෑම් 980 ක් සමඟ පුද්ගලයින් තිදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන ඇත.

ඒ අනුව, උතුරු මැද නාවික විධානය සහ සෙට්ටිකුලම්, පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදු කළ වැටලීමකදී සැක කටයුතු යතුරු පැදියක් නිරික්‍ෂණය කර තිබේ.

එම යතුරු පැදිය පරික්‍ෂාවට ලක් කිරීමේදී එහි ගමන් කරමින් සිටි පුද්ගලයින් ලඟ තිබි අලෙවි කිරීම සඳහා රැගෙන යනු ලබන හෙරොයින් මිලිග්‍රෑම් 980 ක් සොයා ගැනීමට සමත්ව ඇත.

මෙම හොරොයින් ප්‍රමාණය, පුද්ගලයින් සහ යතුරු පැදිය නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, ඔවුන් වයස අවුරුදු 26 ත් 41 ත් අතර වියෙහි පසුවන අනුරාධපුර පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එම පුද්ගලයින්, යතුරු පැදිය සහ හොරොයින් ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මැදවච්චිය පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදි.

Read more

Local News