රුසියාව පනවා ඇති තේ තහනම නිරකරණයට පියවර ගන්නවා – අමාත්‍ය නවීන් දිසානායක

Share

අද (20) කොළඹ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කළේ,

රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ සම්බන්ධයෙන් තාවකාලිකව පනවා ඇති තහනම ඉක්මනින් ම නිරාකරණය කරගැනීමට කටයුතු කරන බවත් ඉතාමත් ඉක්මනින් මේ පිළිබඳව සාකච්ඡා සිදු කරන බවත් ගැටළුවට සාර්ථකව මුහුණ දීමට සූදානම් බවයි

එහිදී තවදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා ඇතැම් දේශපාලකයන් විසින් මෙම සිද්ධිය හරහා බොරදියේ මාළු බෑමට උත්සහ කරන බවයි.

තේ මිල සම්බන්ධයෙන් ඉහළ මිලක් තවමත් පවතින බව කී අමාත්‍යවරයා, ඉදිරි සති දෙක ඇතුළත මේ සම්බන්ධයෙන් විසඳුමක් ලබාගැනීමට අපේක්ෂා කරන බවද අවධාරණය කළේ ය.

තේ තහනමට හේතුව කෘමියකු සිටිම බව නිලවශයෙන් දන්වා තිබෙනවා. කණ්ඩායමක් ඉදිරියේ දී රුසියාවට යනවා. අප තේ අපනයනය කරන්නේ ජාත්‍යන්තරය පිළිගත් ප්‍රමිතීන්ට අනුවයි. රුසියාව ප්‍රකාශ කරනවා නම් තවත් ක්‍රම අනුගමනය කළ යුතු බවට එය සිදු කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

රුසියාව අපගේ මිත්‍ර රටක්. තේ අපනයනයෙන් සියයට 11%ක් රුසියාවට අපනයනය කරන බව කී අමාත්‍යවරයා, දිනයක් සහ වෙලාවක් ලැබුණු වහාම සාකච්ඡා පැවැත්වීමට සූදානම් බව ප්‍රකාශ කළේ ය. එමෙන් ම දැනටමත් තනපතිවරු මාර්ගයෙන් සාකච්ඡා සිදු කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Read more

Local News