පොහොට්ටුවේ අය අකමැති දෙයක් ගැන බැසිල් කියයි

රටේ සියලු ක්ෂේත්‍ර විශාල පසුබෑමකට ලක්ව ඇති බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පවසන්නේ එම තත්ත්වය තුරන් කිරිමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් ලැබෙන සහය අගය කරන බවයි.

කොළඹ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සංවිධානය කළ උත්සවයකට සහභාගීවෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන ජයග්‍රහණයේ විශාලතම ගෞරවය හිමිවිය යුත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බවද ඔහු එහිදි ප්‍රකාශ කළේය.

“රට වෙනුවෙන් ගෝඨාභයට අත” යන තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් පිරිසක් සමඟ දෙහිවල දී ඊයේ (08) පැවති ජන හමුවකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එක්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

“එකතු නොවුණොත් දෙගොල්ලොම විනාශයි. පහුගිය අවුරුදු පහ ගැන පොතක් ලිව්වොත්. නොබෙල් සාම ත්‍යාගයත් හිමිවෙනවා

ශ්‍රී.ල.නි.ප. පාක්ෂිකයින් කරන පරිත්‍යාගය. රටේ ජයග්‍රහණයට, සෞභාග්‍යයට හේතුවෙනවා. ජයග්‍රහණයේ වැඩිම ගෞරවය ශ්‍රී.ල.නි.ප.යට. පොහොට්ටුවේ අය නම් කැමතිවෙන එකක් නැහැ. නමුත් සත්‍යය ඒකයි.”