විස්සයි විස්ස තරගාවලියේ ජය ඉන්දියාවට

Share

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ඉන්දියා කණ්ඩායම අතර ඊයේ (10) පැවති තුන්වන විස්සයි විස්ස තරඟය ජයගත් ඉන්දියාව සමස්ත තරගාවලිය ජයගත්තේ තරඟ 2ට 1ක් ලෙසයි.

එම තරගයේදී ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ හොඳම පන්දු යැවීද වාර්තා කිරීමට ඉන්දියා වේගපන්දු යවන ක්‍රිඩක දීපාක් චෙහෙර් සමත් විය.

තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා ඉන්දියාවට ආරාධනා කළේය.

ඒ අනුව පිටියට පිවිසි ඉන්දියාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 174ක්.

ලකුණු 175ක ජයග්‍රාහි ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට පන්දුවාර 19යි පන්දු 2කදී සියළු දෙනා දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 144ක් පමණයි.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ දීපාක් චෙහෙර් පන්දුවාර 3යි පන්දු 2කදී ලකුණු 7කට කඩුළු 6ක් දවා ගත්තේය.

Read more

Local News