ජනපති කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමේ කැබිනට් පත්‍රිකාව ඉවත් කර ගනියි

Share

ජනපති පෞද්ගලික කාර්ය මණ්ඩලය ස්ථිර කිරීමට අදාළව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රකාවක් ජනපතිවරයා ඉවත් කරගෙන තිබේ.

මෙහිදී ජනපතිවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කරන එහෙත් වසර පහක සේවා කාලයක් සම්පූර්ණ නොකළ සේවකයන් ස්ථිර කිරීම වෙනුවෙන් මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණි.

කෙසේ වෙතත් ජනපතිවරයා මෙම කැබිනට් රැස්වීමට ප්‍රථමව මෙම කැබිනට් පත්‍රිකාව ඉවත් කරගෙන තිබුණි.

Read more

Local News