අනුර කුමාර කථාව හොඳයි – දුමින්ද

Share

මෙවර ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුරයේ අද(11) පැවති ජන හමුවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

ඉතිහාසයේ මොන ගැටළු තිබුණද, ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ ඡන්දයෙන් පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජනාධිපති කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බේරා ගැනීමට ඇති එකම ගණුදෙනුව වන්නේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ලෙස පත් කරගැනීම පමණක් බව මන්ත්‍රීවරයා මෙහිදී පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා මේ බව පවැසීය.

“අනුර කුමාර දිසානායක මහත්තය යාළුවා තමයි. එතුමාගේ කථාව හොඳයි තමයි එහෙත් මේ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණට ගහන ඡන්දය තේරුමක් නෑ. අදහස හොඳ වුණාට ඒක මහපොළොවේ පැල කරන්න බෑ.

අනුර කුමාර මහත්තයාට ලක්ෂ 5ක් ඡන්ද ලැබුණොත්. මේ රට වෙනුවෙන්, මේ රටේ නායකයා තොරන මැතිවරණය වෙනුවෙන්. අබමල් රේණුවක දායකත්වයක් ලැබෙන්නේ නෑ.“

Read more

Local News