රාජිතට හැකිනම් සහරාන්ව නැගිට්ටවලා ගෙනෙයි – MR

Share

සිය පරාජය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මේ වනවිට මඩ ප්‍රවෘත්ති නිර්මාණය කරමින් සිටින බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ අනුරාධපුරයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර ජයශ්‍රී මහාබෝධීන්වහන්සේ  වැදපුදාගනු ලැබීය.

අනතුරුව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැකීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් පළ කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ, විරුද්ධ පාක්ෂිකයන්ට පැවසීමට දෙයක් නොමැති බැවින් බොරුකාරයින් ලවා බොහෝ දේවල් කියවනු ඇති බවයි.

ඉදිරියේ දී සහරාන්ගේ බිරිඳ පවා ගෙනැවිත් යම් යම් දේ පවසනු ඇතැයි කියා සිටි ඒ මහතා, රාජිතට හැකිනම් සහරාන්ව නැගිට්ටවලා ගෙනෙයි යනුවෙන් ද පැවසීය.

වසර 5 ක ආණ්ඩු කාලය තුළ ඇති සියලූම චෝදනා යටතේ උසාවියේ නඩු දැමිය හැකි බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, මුලික වශයෙන් ඇත්තේ බය යැයි ද කියා සිටියේය.

පැහැදිලි ලෙසම සියයට 54කින් පමණ ගෝඨාභය මහතා ජයග්‍රහණය කරන බවත්, එය දැක බිය වී ඇතැයි ද පැවසු රාජපක්ෂ මහතා, බුද්ධිමත් ජනතාව කිසිවිටෙකත් රැවටිය නොහැකි බවත් පැවසීය.

Read more

Local News