එක්කෝ චන්ද්‍රිකාට පිස්සු නැත්නම් අපිට පිස්සු – MR

Share

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය යාපනයේ ප්‍රදේශයේ සංචාරයක නිරත වී එහි පැවති ජන රැළිය දී දැක්වු අදහස් පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සිය අදහස් පළ කර සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(12) මිනුවන්ගොඩ පැවති ජන රැලියකට එක්වෙමින්.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් තේමාවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් ජනරැළියක් ඊයේ පස්වරුවේ මිනුවන්ගොඩ නගර මධ්‍යයේ පැවැත්විය.

මෙම ජන රැළියට එක්වු මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, චන්ද්‍රිකා මහත්මිය “තුනි පාරක් ප්‍රභාකරන් සර්“ යනුවෙන් පවසා ඇති බව දෙමළ පුවත්පතක වාර්තා කර තිබුණු බවයි.

“එක්කෝ චන්ද්‍රිකාට පිස්සු නැත්නම් අපිට පිස්සු “ යනුවෙන් පැවසු මහින්ද රාජපක්ෂ මහතා, ප්‍රභාකරන් සර් යනුවෙන් පවසමින් ඇය සිදු කිරීමට යන්නේ ප්‍රභාකරන් ඉල්ලු දේ ප්‍රේමදාස ලවා ලබා දීම ද සුදානම් වීමක් ද යනුවෙන් මෙහිදී කියා සිටියේය.

මේ අතර ලංකා සමාජයේ කසාඳ බැඳලා ළමයින් නැති විශාල පිරිසක් සිටින බවත් පැවසු ඒ මහතා, ඒ අයට නළ දරුවන් ලබා ගැනීමට පිටරටට යෑමට මුදල් නැතිව සිටින බවත්, එවැනි අය සඳහා කොළඹ ජාතික රෝහලේ නළ දරු උපත් සිදුකිරීමට අවශ්‍ය ප්‍රතිපාදන තමා නොමිලේ ලබා දෙන බවත් පැවසීය.

Read more

Local News