සජිත් සමාව ඉල්ලයි

Share

අප්‍රේල් 21 වැනිදා පාස්කු ප්‍රහාරය සම්බන්ධව තමන් මේ රටෙනුත්, දැයෙනුත් සමාව ඉල්ලා සිටින බව නව ප්‍රජාත්‍රන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පසුගියදා මීගමුව ග්‍රීන්පාත්හි පැවැති ජනරැලියකට සහභාගි වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා ,

“ආරම්භයේදීම මම නැවත නැවතත් පුන පුනා මගේ කණගාටුව ප්‍රකාශ කරන්න කැමතියි අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරවලින් විපතට පත්වූ පවුල්වලට, හානි වූ දේවස්ථානවලට.

සිදු වූ ඛේදවාචකය පිළිබඳ මම පුද්ගලිකව කණගාටුව ප්‍රකාශ කරනවා පමණක් නෙවෙයි, කැබිනට් ඇමතිවරයෙකු හැටියට මම ඔබ සියලු දෙනාගෙන්, රටෙන් හා දැයෙනුත් සමාව ඉල්ලා සිටිනවා.

මගේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භයේදී මම වැදගත් ප්‍රකාශයක් රටට කළා. ඒ තමයි රට දැය බේරගත්තු, 30 වසරක කොටි ත්‍රස්තවාදය විනාශ කරන්නට නායකත්වය ලබාදුන් සරත් ෆොන්සේකා මැතිතුමාව මගේ රජයේ ආරක්ෂක ඇමතිවරයා හැටියටත්, නීතිය හා සාමය ඇමතිවරයා ඇමතිවරයා හැටියටත් පත් කරනවා විතරක් නෙවෙයි මගේ නායකත්වය තුළ අපි අනිවාර්යයෙන්ම ත්‍රස්තවාදය විනාශ කර දමනවා කියන එක.

ත්‍රස්තවාදය විනාශ කරනවා පමණක් නෙවෙයි, කිසිම දවසක ත්‍රස්තවාදයක් මේ රටේ ක්‍රියාත්මක නොවුණු ආකාරයෙන් ජාතික ආරක්ෂාව පැත්තෙන් ඉතාම දැඩි ලෙස, ඉතාමත්ම ශක්තිමත්ව අපි තීන්දු තීරණ අරගෙන මම මේ රටේ නායකයා හැටියට කටයුතු කරනකොට සිදුවන්නා වූ හැමදේටම වෙන කවුරුත් නොව මම වගකීමත්, වගවීමත් භාරගන්නවා කියන එක මම බොහොම විවෘතව මේ අවස්ථාවේ කියන්න කැමතියි.” යනුවෙන් වැඩිදුරටත් පැවසීය.

Read more

Local News