වේගෙන් ආ මොටර් රථය ප්‍රපාතයකට පෙරළෙයි

Share

හැටන් සිට අකුරණ දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදු වි ඇත.

අද (13) උදැසන 6.00 ට පමණ මෙම අනතුර සිදු වි ඇත්තේ හැටන්-මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදිය.

අනතුරෙන් මොටර් රථයේ රියදුරා සුළු තුවාල ලබා ඇති අතර, මොටර් රථයට දැඩි අලාභ හානි සිදු වි ඇත.

අධික වේගයෙන් ධාවනය වී ඇති මොටර් රථයේ රියදුරාට නින්දයාම නිසා මොටර් රථය මාර්ගය ප්‍රතිවිරුද්ධ දිශාවෙන් මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ඇති බව අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන ගිනිගත්හේන පොලීසිය පවසයි.

Read more

Local News