වැල්ලවැටිතුරේ පොලීසියේ තැපැල් ඡන්ද ප්‍රතික්ෂේප වීම ගැන විමර්ශනයක්

Share

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද සඳහා වැල්වැටිතුරේ පොලිසිය මගින් ඉදිරිපත් කළ ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

වැල්වැටිතුරේ පොලිසිය මගින් තැපැල් ඡන්ද විමසීම සඳහා අයදුම්පත් 54ක් ඉදිරිපත් කර තිබූ අතර ඉන් තැපැල් ඡන්ද අයදුම්පත් 43ක් මෙලෙස ප්‍රතික්ෂේප වී තිබේ.

ඉන් 25 ක් පොලිසියේ පරිපාලන දුර්වලතා හේතුවෙන් ප්‍රතික්ෂේප වී ඇති බව සඳහන්.

තැපැල් ඡන්ද අයදුම්පත් ප්‍රතික්ෂේප වූ වැල්වැටිතුරේ පොලිසියේ නිලධාරීන් සඳහා ජනාධිපතිවරණය පැවැත්වෙන දිනයේදී නිවාඩු ලබාදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව සලසා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේය.

Read more

Local News