ඉන්දුනීසියානු පොලිස් මූලස්ථානයක් වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වී ඇති බව වාර්තා වෙයි.
පිපිරීමෙන් බෝම්බකරු මියගොස් ඇති අතර තවත් හයදෙනෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
මෙම ප්‍රහාරය මරාගෙන මැරෙන ප්‍රහාරයක් බවයි එරට වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සැකකාර බෝම්බකරු පොලිස් මූලස්ථාන පරිශ්‍රය වෙත ඇතුලුවී බෝම්බය පුපුරුවාගෙන තිබුණි.