රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි – මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න

Share

කාන්තාවන්ට නායකත්වයක් ලබාදිය යුතු බවත් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට කාන්තා නියෝජනය වැඩි කළ යුතු යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.

පළාත් පාලන ආයතන  ඡන්ද විමසීම් (සංශෝධන ) පනත් කෙටුම්පත විවාදයට එක්වෙමින් අද (24) පාර්ලිමේන්තුවේ දී රාජ්‍ය  අමාත්‍යවරයා මෙසේ පැවසී ය.
මේ ඡන්ද ක්‍රමයෙන් භූගෝලීය නියෝජනයකට නැවත යනවා. පක්ෂවල ඉල්ලීම් අනුව අනුපාතය නියෝජනය මූලධර්මයට ඉඩ දීලා සංශෝධන පනත ඉදිරිපත් කර තිබෙන්නේ. කුඩා පක්ෂවලටත් නියෝජනයක් ලබාගන්න පුළුවන්. මෙය ප්‍රගතිශීලී පනතක්.කාන්තා නියෝජනය අඩුයි.මේ රටේ කාන්තා නියෝජනය වැඩි කිරීමේ පරමාර්ථයෙන් සංශෝධනය ඉදිරිපත් කර තිබෙන්නේ. මේ පරතරය අඩු කරන්න ඕන.

1931 රාජ්‍ය මන්ත්‍රණ සභාවෙත් නියෝජනය වුණා. අද වෙනස් වෙලා. අද කාන්තාවන්ගේ අඳහස් කාන්තාවන්ට නියෝජනය කරන්න බැරි වෙලා.අපි මෙය වෙනස් කරන්න ඕන.අද ලංකාවේ අධ්‍යාපනයෙත් කාන්තාව ඉදිරියෙන් සිටිනවා.කෙන්යාවේ වුවත් කාන්තා නියෝජනය 19%ක් වෙනවා. මෙය දසක ගානනකට පෙර කළ යුතු දෙයක්.

දේශපාලනයට කාන්තාව නායකත්වය දුන්නා. කාන්තාවන්ට නායකත්වයට තැනක් තිබුණා මේ රටේ. අගමැතිනියක්, ජනාධිපතිනියක් සිටියා, එහෙත් කාන්තා නියෝජනය අවමයි. මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්නට කාන්තා නියෝජනය වැඩි කළ යුතුයි. නීතියෙන්, කෝටා එකක් මඟින් එය කළ හැකියි. කාන්තාවන්ට රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් දැක්විය හැකියි යැයි ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News