ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවා වසර 50යි – සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කරයි

Share

ක්‍රීඩා අමාත්‍යාංශය පිහිටුවා වසර 50 ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) ජනාධිපති නිල නිවසේ දි සිදුකෙරිණි.

සමරු මුද්දරය සහ මුල් දින කවරය ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් ජයන්ත විජේරත්න මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

2017 වසරේ ලන්ඩන් නගරයේ පැවති පැරා ඔලිම්පික් තරගාවලියේ දී හෙල්ල විසිකිරීමේ තරගයේ රිදී පදක්කම් ලාභී  දිනේෂ් ප්‍රියන්ත හේරත් වෙත ජනාධිපති අරමුදලින් රුපියල් ලක්ෂ 10 ක් සහ ක්‍රීඩා අරමුදලින් රුපියල් ලක්ෂ 15 ක් බැගින් චෙක්පත් මෙහිදී ජනාධිපතිතුමා අතින් ප්‍රදානය කෙරුණි.

Read more

Local News