සමස්ථ දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵල මෙන්න

Share

මේ වන විට දිස්ත්‍රික්ක කිහිපයක සමස්ත ප්‍රතිඵල නිකුත් වී ඇත.

ඒ අනුව  2019 ජනාධිපතිවරණයේ එම දිස්ත්‍රික්ක වල වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාය.

මේ වන විට නිකුත් කර ඇති මඩකලපුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින් දිනාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 238,649ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා දිනා ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 38,460ක්.

ඒ අනුව මඩකලපුව දිස්ත්‍රික්කයේ ජය හිමි වි ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාටය.

එමෙන්ම දඹුල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵල අනුව සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත් ඡන්ද සංඛයාව 259,673ක්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 135,058ක්.

දඹුල්ල දිස්ත්‍රික්කයේ ජය හිමි කර ගත්තේද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා විසින්ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵල අනුව එම දිස්ත්‍රික්කයෙන් ඡන්ද 466,148ක් ලබා ගනිමින් ජය හිමි කර ගත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිදුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ය.

එම දිස්ත්‍රික්කයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතා ලබා ගත්තේ ඡන්ද 217,401ක් පමණි.

යාපනය දිස්ත්‍රික්කයේ ජය තහවුරු කර ගත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාය.

ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 312,722ක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගත්තේ ඡන්ද 23,261ක් පමණයි.

මාතර දිස්ත්‍රික්කයේ සමස්ථ ප්‍රතිඵල අනුව එම දිස්ත්‍රික්කයේ ජය ලබා ගත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්ය.

ඔහු ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 374,481ක්.

එම දිස්ත්‍රික්කයේ දෙවෙනියට වැඩිම ඡන්ද හිමිකර ගත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ සජිත් ප්‍රේමදාස මහතාය.

ඒ ඡන්ද 149,026ක් ලබා ගනිමින්.

Read more

Local News