කොකේන් ගුලි සමඟ කෙන්යානු කතක් අත්අඩංගුවට

Share

කොකේන් මත්ද්‍රව්‍ය සමඟ මෙරටට පැමිණි විදේශිය ජාතික කාන්තාවක් කටුනායක ගුවන් තොටුපලේදි අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරියගේ ගමන් මල්ලේ තිබි කොකේන් ගුලි 30ක් ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් සොයාගනෙ තිබේ.

අනතුරුව සැකකාරිය ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත බාර දී ඇති බව වාර්තා වෙයි.

එහිදී ඇයගේ උදරයේ තවත් කොකේන් ගුලි ඇති බවට අනාවරණය වීමෙන් පසු ඒවා පිටතට ගැනීම සහා සැකකාරිය මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකාරිය සම්බන්ධයෙන් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව සතියක කාලයක් සදහා රැදවුම් නියෝග ලබා ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකාර කෙන්යානු ජාතික කාන්තාව වැඩිදුර විමර්ශන සදහා කොළඹ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට නියමිතයි.

Read more

Local News