බේකරි හිමියන් බරපතළ අර්බුදයක

Share

තිරිඟු පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් බේකරි හිමියන් බරපතළ අර්බුදයකට මුහුණ දී සිටින බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට තිරිගු පිටි වැඩි මිලට මිලදී ගැනීමට බේකරි හිමියන්ට සිදුව ඇති බවයි.

මෙ ගැටළුවට අද(19) දිනය තුළ විසඳුම් නොලැබුණහොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට පියවර ගන්නා බව එන්.කේ.ජයවර්ධන මහතා සඳහන් කළේය.

කේසේවෙතත් වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කරන පුද්ගලයින් පිළිබඳව වැටලීම් සිදුකරන බව පාරිභෝගික සේවා අධිකාරීයේ අධ්‍යක්ෂ ජනරාල් එම්.එස්.එම් ෆවුසර් මහතා සඳහන් කළේය.

වැටලීම් සිදුකිරීම තුළින් සිය ගැටළුවට විසඳුම් නොලැබෙන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Read more

Local News