ජයවර්ධනපුර රෝහලේ හෘද ශල්‍යාගාරය නවීකරණය වෙයි

Share

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ඉදිකරන ලද නව තාක්ෂණයෙන් යුත් හෘද ශල්‍යාගාරය සහ රෝග නිධාන රසායනාගාරය විවෘත කිරීම සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.
මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 250 කි. හෘද ශල්‍යාගාරය වසර 20 ක් පැරණි වන අතර, නව තාක්ෂණයෙන් යුතුව එය ඉදිකර ඇත.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ නවීනත ම උපකරණවලින් යුතුව හෘද ශල්‍යාගාරය ඉදිකිරිම තුළින් සාධාරණ මිලකට හෘද සැත්කම් කඩිනම්න් සිදු කර ගැනීමට ජනතාවට අවස්ථාව උදාවන බවයි. ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල ඉදිරියේ දී තවත් සංවර්ධනය කරන බව අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වෛද්‍ය අතුල කහදලියනගේ, අධ්‍යක්ෂ වෛද්‍ය සුසිත් සේනාරත්න, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සුනිල් ද අල්විස් යන මහත්වරු ඇතුලු රෝහල් කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.

Read more

Local News