කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි

Share

දේශපාලන සදාචාරයට ගරු කරන්නේ නම් කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

වර්තමාන පාර්ලිමේන්තු පාලකයින් විසින් දේශපාලන සදාචාරය ආරම්භ වී ඇති මොහොතක ඒ සමඟ ඉදිරියට යෑමට කල්පනා කරනු ඇතැයි තම විශ්වාසය බවද මන්ත්‍රීවරයා මෙහිදි කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂය ඩී.එස්.සේනානායක වැනි උදාර මිනිසුන් විසින් ගොඩ නැඟු නිසාවෙන් ඒ පසුබිම ඔවුන් නැවත වතාවක් ජනතාව ඉදිරියට යෑමට කටයුතු කරනු ඇතැයි ද කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය.

තම පෞද්ගලික අදහස වන්නේ, දෙවතාවක් ජනතාව විසින් වත්මන් පාලකයින් ප්‍රතික්ෂේප කර ඇති නිසාවෙන් ඔවුන්ට ඔවුන්ගේ දේශපාලන ශක්තිය තෝරා ගැනීමට ඇති හොඳම අවස්ථාවක් ලෙස පාර්ලිමේන්තුවේ ඇති ප්‍රසාදය හෝ අප්‍රසාදය උරගා බැලිය යුතුය බවයි යනුවෙන් ද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

එය ප්‍රජාතන්ත්‍රවාදයේ මුලික ලක්ෂණයක් ලෙස තමා විශ්වාස කරන බවත් ඒ මහතා පැවසීය.

Read more

Local News