කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීම සාධාරණ කරුණක්

Share

කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීම සාධාරණ කරුනක් බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා මෙහිදී පවසා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය වටා විශාල ජනමතයක් ගොඩ නැඟී ඇති බවයි.

එම ජනමතය අනුව ඉතාම සාධාරණ කටයුත්ත වන්නේ පාර්ලිමේනතුව තුළද, එම ජනමතය ගොඩනැගීම සඳහා අවස්ථාව ලබා දීම ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී කරුණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

මේ වන විට කැබිනට් අමාත්‍යවරු ඉල්ලා අස්වීම සාධාරණ කරුණක් බවත් ඔවුන් විසින් ලොකු ඉඟියක් ලබාදී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Read more

Local News