මම ඉවත් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් පමණයි

Share

තමා ඉවත් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය තනතුරෙන් පමණක් බවත් දේශපාලනයෙන් ඉවත් නොවන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා සඳහන් කරයි.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කරන්නේ තම කාර්ය මණ්ඩලයද ඔවුන්ට ලබා දී ඇති සියලුම රාජ්‍ය දේපළ නැවතත් අමාත්‍යාංශයට භාර දෙන බවයි.

“මා මෙන්ම මාගේ නිර්දේශයෙන් පත් කළ එකම සභාපති වරයා වන රවි ජයවර්ධනද ඉල්ලා අස්වී ඇත.

මෙම25 දින වන විට අපගේ කාර්ය මණ්ඩලයද ඔවුන්ට ලබා දී තිබෙන සියලු රාජ්‍ය දේපල නැවත අමාත්‍යංශයට භාර දෙනු ඇත. මා වැඩකළ කිිසිම අමාත්‍යංශයක හෝ ඒවාට අයත් ආයතනවල මාගේ ඡායාරූපය ප්‍රදර්ශනය නොකළ බැවින් දේශපාලනඥයන්ගේ ඡායාරූප ඉවත්කිරීමේ ප්‍රතිපත්තියට ලොකු පහසුවක් නිපුනතා සංවර්ධන අමාත්‍යංශයෙන් ලැබේ. මෙම වැඩ පිළිවෙල රට පුරාම ක්‍රියාත්මක කරන්නේ නම් තවත් හොඳයි. මා ඉවත් වන්නේ නියෝජ්‍ය අමාත්‍ය තනතු⁣රෙන් මිස දේශපාලනයෙන් නොවේ.”

Read more

Local News