අගමැතිධුරය වෙනස් විය යුතු බව සුසිල් කියයි

Share

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජයවීමත් සමඟ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට තවදුරටත් අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටීමට සදාචාරත්මක අයිතියක් ඇති දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ප්‍රශ්න කර සිටියි.

අද(19) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මෙහිදී පවසා සිටියේ අනිවාර්යෙන්ම අගමැතිධුරය වෙනස් විය යුතු බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජය ගැනීම තුළ එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජයග්‍රණය කර ඇති බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා වැඩිදුරටත් පවසා සිටියේ නව ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් ඉඩකඩ සලසා දියයුතු බවයි.

Read more

Local News