අගමැතිගෙන් නිවේදනයක්

Share

කතානායකවරයා සහ පක්ෂ නායකයින් සමඟ සාකච්ඡා කර ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන තම පාර්ශවය මීලඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් කතානායකවරයා, පක්ෂ නායකයින් සමඟ මෙන්ම ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සමඟද සාකච්ඡා කොට තීරණයකට එළඹීමට බලාපොරොත්තු වන බවයි.

මෙරට හත්වන විධායක ජනාධිපතිවරයා ලෙස පත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට සුභ පැතුම් එක්කරන බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Read more

Local News