රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක්

Share

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නව අධ්‍යක්ෂ ජනරාාල්වරයෙකු පත් කර ඇති බවට පළ වන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් පැහැදිලි කිරීමක් සිදු කර තිබේ.

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සඳහා නව අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ඇති බවට විවිධ මාධ්‍ය හා කෙටි පණිවිඩ සේවා මඟින් පළ කර ඇති ප්‍රවෘත්තිය නිවැරදි නොවන බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව එම ධූරය සඳහා සුදුසු පුද්ගලයින් හඳුනා ගැනීමට කටයුතු කිරීම පමණක් මේ අවස්ථාවේ දී සිදු කරන බවත් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, නාලක කලුවැව මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read more

Local News