නෙදර්ලන්තයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි 25ක් බ්‍රිතාන්‍ය බලධාරීන් බාරයට

Share

නෙදර්ලන්තයේ සිට බ්‍රිතාන්‍යයට පැමිණි භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කන්ටේනරයක් තුළ සිටි සංක්‍රමණිකයින් 25 දෙනෙකු බ්‍රිතාන්‍ය බලධාරීන් බාරයට ගෙන ඇත.

නෞකා කාර්ය මණ්ඩලය විසින් සිදුකළ පරීක්ෂාවකදී අධිශීතකරණයක් සහිත කන්ටේනරයේ රැඳී සිටි අදාල සංක්‍රමණිකයින් පිරිස සොයාගෙන ඇති බවයි එරට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ඔවුන් කුමන රටකට අයත් පුද්ගලයින්ද යන්න පිළිබද මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.

Read more

Local News