එජාප මැති ඇමතිවරු බෞද්ධාගමට නිගා කළා

Share

රාජ්‍ය පෙළපතින් පසු රටට නියමාකාර නායකයෙක් ලැබී ඇති බැවින් මින් මතුවට රට ජාතිය ආරක්ෂා කර ගැනීම සඳහා ජාතික සංවිධානවල අවශ්‍යතාවක් නොමැති බව නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසයි.

රට, ජාතිය, සංස්කෘතිය, ආගම, සාසනය සුරැකීමේ වගකීම නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිසි ආකාරව ඉටු කරන බවට මහා සංඝරත්නයට පුර්ණ විශ්වාසයක් පවතින බවත් එම කර්තව්‍ය ජනාධිපතිවරයාට භාර මහා සංඝරත්නය උපේක්ෂාවෙන් බල සිටින බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

එම නිසා එළඹේන පාර්ලාමේන්තු මැතිවරයෙන් පසු නව සිංහල රාවය ජාතික සංවිධානය විසුරුවාහරින්ට කටයුතු කරන බවද උන්වහන්සේ පැවසීය.

උන්වහන්සේ මේ බව පැවසුවේ අද (20) පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සමස්ත සිංහළ ජනතාව පක්ෂ පාට භේදයකින් තොරව ඡන්දය ලබා දුන්නේ මහා සංඝ රත්නයේ ඉල්ලීම මත බවත් එම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිර්පාක්ෂික රාජ්‍ය නායකයෙක් බව උන් වහන්සේ පැහැදිලි කළේය.

එක්සත් ජාතික පක්ෂයට මේ ආකාරයට පරාජ වීමට හේතු වුයේ එම පක්සයේ ඇතැම් මැති ඇමතිවරුන් මහා සංඝ රත්නයට, බෞද්ධාගමට සහ සිංහල සංස්කෘතියට නිගා කිරීම නිසා බවද උන්වහන්සේ පෙන්වා දුනේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ නිවැරදි රාජ්‍ය පාලන තන්ත්‍රයන් බිහි වී ඇති බවත් ඒ හරහා අන්තවාදයට හොඳ පිළිතුරක් ලැබී තිබෙන බවත් ගල්කන්දේ සුදත්ත හිමියන් පැහැදිලි කළේය.

ඉතා ඉක්මනින් නව පාර්ලිමේන්තුවක් පිහිටුවා රට සංවර්ධනය කිරීමට කටයුතු කරන ලෙසත් වැරදිකරුවන්ට නිසි දඬුවම් ලබා දීමට කටයුතු කරන ලෙසත් ජනාධිපතිවරයාගෙන් සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ පවසයි.

එමෙන්ම තම කඳවුරේද රාජ්‍ය දේපළ මංකොල්ලකෑම් සහ වැරදි ක්‍රියා සිදු කළ පුද්ගලයින් සිටිනම් ඔවුන්ටද නිසි දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවද නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමයන් වැඩිදුරටත් ප්‍රකාශ කළහ.

Read more

Local News