පොඩි මැණිකේ දුම්රියේ ගැටි ගේට්ටු මුරකරු ජිවිතක්ෂයට

Share

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ ගැටී ගේට්ටු මුරකරුවෙකු අද (20) ජිවිතක්ෂයට පත් වී ඇති බව හැටන් පොලීසිය පැවසීය.

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රියේ මල්ලිඅප්පුව දුම්රිය හරස් මාර්ගයේදි ගේට්ටු මුරකරු දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වි ඇති බවයි හැටන් පොලිසිය කියා සිටියේ.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ එස්.මොගන් නැමති 47 හැවිරිදි තිදරු පියෙකි.

දුම්රිය හරස් ගෙට්ටු මුරකරු දුම්රිය පැමිණෙනවාත් සමඟ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ පිහිටි දුම්රිය හරස් ගෙට්ටුව වසා පැමිණෙවාත් සමඟ දුම්රියේ ගැටීමෙන් අනතුරු ඔහුගේ හිස කොටස අඩි කිහිපයක් ඉදිරියට විසි වී තිබු බවත්, ශරීරයේ කද කොටස දුම්රියේ රැදී තිබු බවත් පොලීසිය පැවසීය.

දුම්රියේ ගැටුණ ගෙට්ටු මුරකරුගේ සිරුර පොඩි මැණිකේ දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත භාර දි ඇත.

දුම්රියේ ගැටි ජිවිතක්ෂයට පත් වු ගෙට්ටු මුරකරුගේ නිල නිවසද ඒ ආසන්නයේම පිහිටා ඇති අතර ගේට්ටු මුරකරු දුම්රියේ ගැටුණාද නැත්නම් දුම්රියට පැන සිය දිවි නසා ගත්තාද යන්න පිළිබඳව පොලීසිය පරික්ෂණ පවත්වයි.

Read more

Local News