සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවන්න සුදුසු ඇමතිවරයෙකු අවශ්‍යයි

Share

පරිහානියට පත්ව ඇති සෞඛ්‍ය ක්ෂේත්‍රය නඟා සිටුවීම සදහා සුදුසු ඇමතිවරයෙකු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා පත් කරනු ඇති බවට අපේක්ෂා කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා මේ බව පැවසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු සම්බන්ධයෙන් නව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට ද සිය සංගමය අපේක්ෂා කරන බව ඔහු වැඩිදුරටත් පවසයි.

‍මේ අතර රාජ්‍ය සේවය නඟා සිටුවීමට අදාල කරුණු ඇතුලත් යෝජනාවලිය සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට සිය සංගමය ද බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

Read more

Local News