ජනපතිගෙන් ධර්මසේන පතිරාජ මහතාට ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක්

54

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ වන විට රෝගාතුරුව ප‍්‍රතිකාර ලබමින් සිටින ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ ධර්මසේන පතිරාජ මහතාගේ ඉදිරි ප‍්‍රතිකාර කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට  කටයුතු කර තිබේ.

ඊට අදාළ චෙක්පත ජනාධිපති සංස්කෘතික කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් පසුගියදා ධර්මසේන පතිරාජ මහතා ප‍්‍රතිකාර ලබමින් සිටින මහනුවර පෞද්ගලික රෝහලේදී ඒ මහතා වෙත පිළිගැන්වීය.