ප්‍රංශ නඩුවක ජයග්‍රහණය තාරාවන්ට

Share

ප්‍රංශයේ අධිකරණයක් මගින් අපූරු නඩු තීන්දුවක් ලබාදී තිබේ.

අදාළ නඩුවේ ජයග්‍රහණය හිමිව ඇත්ත් තාරාවන් පිරිසකටයි.

ප්‍රංශයේ කුඩා නගරයක් වන ඩැක්ස් හි පිහිටි එක් ගොවිපොලක ශබ්දය තමන්ට මහත් හිසරදයක් බවට පවසමින් අසල්වැසියන් අධිකරණය වෙත යොමුව තිබේ.

එහිදී තාරාවුන් හඩ නැගීම වහා නවත්වා දමන ලෙස පැමිණිලි පාර්ශ්ව අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.

නගරයේ සිට ගම්බද ප්‍රදේශය වෙත පැමිණි පිරිසක් මෙසේ තාරාවුන්ට එරෙහිව අධිකරණය හමුවට ගොස් ඇති බව එරට වි‌දෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහිදී අදාළ පාර්ශ්ව අධිකරණය ඉදිරියේ පෙන්වා දී තිබු‍ණේ එම ගොවිපලේ ඇති කරන තාරාවුන් හා පාත්තයන් නගන හඩ හේතුවෙන් තමන්ට සුවසේ නිදාගැනීමට පවා නොහැකි බවයි.

කෙසේ නමුත් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අධිකරණය අවධාරණය කර තිබු‍ණේ මෙම ගම්බඳ ප්‍රංශයේ සාමාන්‍ය වටපිටාව වන බැවින් තාරාවුන්ට ඉදිරියටත් නිදහසේ හඬ නැගීමට අවසර ලබාදිය යුතු බවයි.

Read more

Local News