මාතර වෙරළට මළ සිරුරක් ගොඩ ගසයි

Share

මාතර, වෙරළ පාරේ, ඩ්‍රවුන් හිල් කඳුපාමුල ඇති ගල් වැටිය මතට අද (22) උදෑසන මළ සිරුරක් ගොඩ ගසා තිබේ.

මෙම මළ සිරුරේ මුහුණ සම්පූර්ණයෙන් නරක් වී ඇති බවට වාර්තා ‌වෙයි.

කෙසේ වෙතත් මාතර පොලීසියෙන් කළ විමසීමක දී ඔවුන් පවසා ඇත්තේ, මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 51 ක් වු මාතර, කිරිමැටිමුල්ල ප්‍රදේශයේ පදිංචි අබේකෝන් ජයසිංහ නැමති දෙදරු පියෙක් බවයි.

පසුගිය නොවැම්බර් මස 12 වන දින මෙම පුද්ගලයා සිය නිවසේ පුතු සමඟ සිට ඇති අතර, බිරිඳ හා දියණිය කොළඹ බලා පිටත්ව ගොස් තිබිණි.

අනතුරුව මෙම පුද්ගලයා අද දිනයේ මළ සිරුර ගොඩ ගසා තිබු ස්ථානයේ දීම මුහුදට පනිනු දැක පුද්ගලයෙකු විසින් පොලීසියට පැමිණිල්ලක් ද දමා තිබේ.

පසුව බිරිඳ හා ඥාතීන් ඔහු වෙනුවෙන් සත් දවසේ දානය පවා පවත්වා තිබිය දී අද උදෑසන මෙලෙස මළ සිරුර හමුව ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණය මාතර රෝහලේ සිදු කරනු ලබන අතර, මාතර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Read more

Local News