මහින්දගේ දුරකථනය රෑ 12 වෙනකල් ජනතාව වෙනුවෙන්

Share

නව රජයේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් ලෙස අද(22) පෙරවරුවේ දිවුරුම් දුන් අමාත්‍යවරුන් සිය අමාත්‍යංශවලදී රාජකාරී ආරම්භ කළේය.

ඒ අනුව, මගී ප්‍රවාහන කළමණාකරණ, විදුලි බල හාබල ශක්ති අමාත්‍යධූරය මහින්ද අමරවීර මහතාට හිමි විය.

අමාත්‍යවරයා අද පස්වරුවේ සිය අමාත්‍යාංශයේ දී වැඩ ආරම්භ කළේය.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, කැප කිරීම් කිරිමට ඇති සියලු දෙනා කැපකිරීම් කර රට වෙනුවෙන් යම් පරිත්‍යාගශීලි මේ කාලය තුළ රට ගොඩනැඟීමට දායකය විය යුතු බවයි.

නායකත්වය වංචාවට හෝ දූෂණයට සම්බන්ධ වුවහොත් එය පහළ ස්ථානය දක්වාම ගලා යන බවත් පැවසු ඒ මහතා, ඒනිසා උඩ සිටම මෙය වැලැක්වීමට පියවර ගත යුතු බවද පැවසීය.

ජනතාව වෙනුවෙන් සංවේදීව හා පුළුල් අවධානය යොමු කරමින් කටයුතු කළ යුතු බවත් පැවසු අමාතවරයා, තම දුරකථනය රාත්‍රී 12 වන තෙක් ජනතා සේවය වෙනුවෙන් විවෘත බවත් කියා සිටියේය.

ඕනෑම මොහොතක රට වෙනුවෙන් තමා කැප වී සිටින බවත් පැවසු අමාත්‍යවරයා, වේලාව පිළිබඳ ගැටළුවක් නැති බවත් වැඩ කිරිමට හැකි ඕනෑම අවස්ථාවක ඒ යුතුකම ඉටු කරන බවත් පැවසීය.

Read more

Local News