පෝඩයිස් වතුයායේ ගිනිගත් නිවාස වෙනුවට අලුත් නිවාස

Share

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය පෝඩයිස් වතුයායේ ගින්නෙන් විනාශ වු වතු නිවාස 24 වෙනුවෙන් එම වතු යායේම සුදුසු ඉඩමක නව සැලැස්මකට අනුව නිවාස24 ක් ඉදි කිරිම සඳහා ඉඩම සකස් කිරිමේ කටයුතු ඊයේ (25) ආරම්භ කෙරිණි.

ලංකා කම්කරු කොන්ග්‍රසයේ උප සභාපති කනපති කනගරාජ්,නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් සහ එම වතුයායේ පාලන අධිකාරියේ සහභාගිත්වයෙන් නිවාස ඉදි කිරිම සඳහා ඉඩම සකස් කිරිමේ කටයුතු ආරම්භ කෙරුණි.

2018.12.29 දින එම වතුයායේ නිවාස පේලියක් ගිනිගෙන විනාශවිම නිසා එහි පදිංචි පවුල් 24 කට අයත් සමාජිකයන් 150 දෙනෙකු පමණ එම වතුයායේ පොදුක්‍රිඩාංගණයක තාවකාලිකව ඉදි කරන ලද කුඩාරම් වල අවැතැන් වු පවුල් වල සමාජිකයන්විවිධ දුෂ්කරතා මධ්‍යයේ වාසය කෙරිණ.

වත්මන් රජයේ ප්‍රජා සවිබලගැන්විමේ සහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යයවරයා වශයෙන්වැඩ භාර ගත්  ආරුමුගන් තොණ්ඩමන් මහතා අමාත්‍යයධුරයේ වැඩ භාර ගැනිමෙන් අනතුරුව ඉකුත් 24 දින එම වතුයායට ගොස් ගින්නෙන් අවතැන් වු පවුලේ සමාජිකයන් සහ වතු පාලන අධිකාරියසමග සාකච්ඡා කර නව නිවාස ඉදි කිරිමට පියවර ගැණින.

නව නිවාස ඉදි කිරිම් කටයුතු ප්‍රජා සවිබලගැන්විමේසහ  වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යංශය යටතේ පාලනය වන මානව වැවිලි භාරය මගින් ඉදි කිරිමට නියමිතය.

Read more

Local News