පුරාවස්තු ‌සොයා කැණීම් කළ 4ක් අත්අඩංගුවට

Share

ගොකරැල්ල, දිද්දෙනිය ප්‍රදේශයේදී පුරාවස්තු ලබා ගැනීමේ අරමුණින් කැණිම් සිදු කළ පුද්ගලයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායට ලැබුණු තොරතුරකට අනුව සිදු කල වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී කැණිම් සඳහා භාවිතා කළ උපකරණ කිහිපයක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සදහා ගොකරැල්ල පොලිස් ස්ථානයට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බලකාය සඳහන් කළේය.

Read more

Local News