වෙළඳසැල් හිමියෙක් ගංජා සමඟ අත්අඩංගුවට

Share

අලෙවි කිරීම සඳහා ගංජා ළඟ තබාගෙන සිටි වෙළඳසැල් හිමියෙකු අද (28) උදෑසන ඔහු සතුව තිබූ ගංජා පාර්සලය ද සමඟ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

කන්දකැටිය බුද්දංකෝට්ට ප්‍රදේශයේ වයස අවුරුදු 40 ක වෙළඳසැල් හිමියෙකු ගංජා ග්‍රෑම් 150ක් සමඟ ‌මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය වෙත ලද ඔත්තුවක් මත අද උදෑසන සිදුකළ වැටලීමකදී ඔහුගේ වෙළඳ සැල අසළ සඟවා තිබූ ගංජා පාර්සලය අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකිවී තිබේ.

සැකකරු අද බදුල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතයි.

Read more

Local News