කේරළ ගංජා තොගයක් තලෙයිමන්නාරම මුහුදේ දී නාවික හමුදා බාරයට

Share

නාවික හමුදාව විසින් ඊ‌යේ (27) දින ‍තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී කිලෝග්‍රෑම් 80 කට ආසන්න කේරළ ගංජා තොගයක් නාවික හමුදා බාරයට ගෙන ඇත.

නාවික හමුදාව විසින් ‍තලෙයිමන්නාරම ප්‍රදීපාගරයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදුකල මුර සංචාරයක් අතරතුරදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, ඉදිරි විමර්ශන කටයුතු සඳහා එම යාත්‍රාව සහ එහි ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදා බාරයට ගෙන තිබේ.

පසුව මෙම මුහුදු සීමාවේ සිදුකල වැඩිදුර සෝදිසි කිරීම් වලදී මුහුදේ පාවෙමින්තිබූ සැක කටයුතු පාර්සල් හතරක් නාවික හමුදාව විසින් නිරීක්‍ෂණය කර ඇති අතර, එම පාර්සල් පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 80 කටආසන්න ප්‍රමාණයක් සොයාගෙන ඇත.

මෙලෙස, නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින් වයස අවුරුදු 36 ක් සහ 39 ක් වන පේසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම පුද්ගලයින්, කේරළ ගංජා ප්‍රමාණය සහ ඩිංගි යාත්‍රාව ඉදිරිනීතිමය කටයුතු සඳහා ඩෙල්ෆ් පොලිසිය වෙත භාරදෙන ලදී.

කෙසේ නමුත් සොයාගත් කේරළ ගංජා තොගය සහ නාවික හමුදා බාරයට ගත් සැකකරුවන් අතර යම් සබධතාවයක් තිබේදැයි සොයා බැලීමසඳහා වැඩිදුර විමර්ශන සිදුකෙරේ .

Read more

Local News