මහවිරු සැමරුමට අත් පත්‍රිකා බෙදු දෙදෙනෙක් අත්අඩංගුවට

Share

ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව මහවිරු සමරුව පවත්වන ලෙස බල කරමින් වතුකරයේ අත් පත්‍රිකා බෙදාහැරි තරුණයින් දෙදෙනෙකු බගවන්තලාව පොලීසිය මඟින් සැක පිට අත්අඩංගුවට ගෙන ඇත.

එල්.ටී.ටි. මහවිරු සමරුව වතුකරයේ පවත්වන ලෙස ප්‍රභාකරන්ගේ ඡායාරූපය සහිතව අත් පත්‍රිකා මුද්‍රණය කර වතුකරයේ බෙදා හැරී තරුණයින් දෙදෙනෙක් බගවන්තලාව පොලීසිය මගින් ඊයේ (27) රාත්‍රියේ සැක පිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලීසිය පවසයි.

බගවන්තලාව ටින්සින් නගරයේ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයකින් අදාල අත් පත්‍රිකා පරිගණකයක් ආධාරයෙන් සකස් කර මුද්‍රණය කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මුද්‍රණය කරන ලද පිටපත් ගණනාවක් සැකකාර තරුණයන් දෙදෙනා විසින් බෙදා හැර ඇති බවත්, බෙදා හැර තිබූ අත් පත්‍රිකා කිහිපයක් පොලිස් බාරයට ගත් බවයි බගවන්තලාව පොලිසිය පැවසුවේ.

අදාල අත් පත්‍රිකා මුද්‍රණය කල පරිගණක, උපාංග සහ දුරකථන ඇමතුම් මධ්‍යස්ථානයේ හිමිකරුවාද සැකපිට අත්අඩංගුවට ගත් බවත්, අත්අඩංගුවට ගත් සැක කරුවන් තිදෙනා අවුරුදු 20-40 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත් සැකකරුවන් බගවන්තලාව ප්‍රදේශයේම පදිංචිකරුවන් බව වාර්තා වෙයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව බගවන්තලාව පොලීසිය පැවසීය.

Read more

Local News