මාවනැල්ලේ බුදු පිළිම විනාශ කිරිමට අදාළ 14 දෙනා තවදුරටත් රිමාන්ඩ්

මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් සැකකරුවන් 14 දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව ඔවුන් ලබන මස 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග ක‌ළේය.

පසුගිය ජනවාරි මස දෙවනදා හෝ ඊට ආසන්න දිනක දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි සිදු කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරුවන් 14 දෙනා අත්අඩංගුවට ගත් අතර කාන්තාවන් තිදෙනෙකු ද ඒ අතර ‌වෙයි.