දුම්රිය පිලිපැනීම ගැන ‌සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක්

Share

යාල්දේවී දුම්රිය පිලිපැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට තවදුරටත් බාධා එල්ල වී තිබේ.

මෙම දුම්රිය අනතුර පිළිබඳ සොයා බැලීම සඳහා ත්‍රිපුද්ගල කමිටුවක්ද පත් කිරීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ යාල්දේවී සීඝ්‍රගාමි දුම්රිය ගල්ගමුව සහ අඹන්පොල දුම්රිය ස්ථාන අතර මාර්ගයේදී ඊයේ (27) දහවල් පිලිපැනීමට ලක් වුණි.

මෙහිදී දුම්රිය මැදිරි 05ක් පිලිපැනිමට ලක් වී අතර දුම්රිය මාර්ගයට ඉන් දැඩි අලාභහානි සිදුවුණි.

Read more

Local News