දේශිය වෛද්‍ය විද්‍යාව ප්‍රමුඛ ස්ථානයකට ගෙනෙන බව පියංකර කියයි

Share

අපි 2020 වසර තුළ  සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ක්‍රියාකාරීත්වය වේගවත් කර සංචාරක ව්‍යාපාරය සමග දේශීය වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාවය ලබාදී  බටහිර වෛද්‍ය විද්‍යාව වගේම දේශීය වෛද්‍ය විද්‍යාවත් ලංකාවේ ප්‍රමුඛ ස්ථානයට ගෙන ඒමට  කටයුතු කරන බව දේශිය රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා ප්‍රකාශ කළේය.

දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස වැඩ භාර ගැනිමට එක්වෙමින්  අද දින (28) ඔහු මේ බව ප්‍රකාශ කළේය.

සිය ධූරයේ වැඩ භාර ගැනිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා ,

“ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  ආශිර්වාදය යටතේ අද දින දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ රාජකාරී ආරම්භ කළා. මේ රටේ දේශීය වෛද්‍ය ක්‍රමය විදේශිකයින්ගේ අවධානයට ලක් කර සංචාරක ව්‍යාපාරයත් සමග මෙම අමාත්‍යාංශය බද්ධ කොට දේශීය වශයෙන් විශාල කීර්තියක් ලබාගැනීම සදහා ඉදිරි කාල සීමාවේ දී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබද සංචාරකයින් වැඩි කැමැත්තක් දක්වනවා. පසුගිය රජය සමයේ දේශීය වෛද්‍ය ක්‍රමය පිළිබද තැකීමක් කළේ නැහැ. අවශ්‍ය කරන සම්පත් සහ මුදල් වෙන් කරලා තිබුණේ  නැහැ. අපි 2020 වසර තුල මේ අමාත්‍යාංශයේ  ක්‍රියාකාරීත්වය වේගවත් කර සංචාරක ව්‍යාපාරය සමග දේශීය වෛද්‍යවරුන්ට ප්‍රමුඛතාවය ලබාදීලා බටහිර වෛද්‍ය විද්‍යාව වගේම දේශීය වෛද්‍ය විද්‍යාවත් ලංකාවේ ප්‍රමුඛ ස්ථානයට ගෙන ඒ්මට කටයුතු කරනවා.‍

මෙම අමාත්‍යාංශය විශාල පරාසයක පැතිර තිබෙනවා වගේම  අවුරුදු 2500 පමණ කාලයක් දේශීය වෛද්‍ය ක්‍රමය අඛණ්ඩව පැවත තිබෙනවා. අකාලයට යමින් තිබෙන මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය හඳුනාගෙන පැරණි ලිපිලේඛණ ද උපයෝගි කරගෙන නව පරම්පාරාවට එය දායාද කිරීමට කටයුතු කරන්න ලෙස ජනාධිපතිතුමා ද මට උපදෙස් ලබාදුන්නා” යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දැක්විය.

Read more

Local News