අදින් තෙවැනි පාසල් වාරය අවසන්

රජයේ සහ රජයේ අනුමත පුද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය අදින් (29) අවසන් වෙයි.

2020 වර්ෂයේ පළමු පාසල්වාරය ජනවාරි 02 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.

මේ අතර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන සඳුදා ආරම්භ වීමට නියමිතව තිබේ.

මධ්‍යස්ථාන 4,987කදී සිසුන් හත්ලක්ෂ 17,000ක පමණ පිරිසක් විභාගයට පෙනීසිටීමට නියමිතයි.