කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකකට ප්‍රහාරයක්

Share

කොංගෝවේ ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථාන ‌දෙකකට එල්ල වූ ප්‍රහාරයකින් සිව් දෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා ‌වෙයි.

කොංගෝවේ නැගෙනහිර ඉබෝලා ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකකට සටන්කාමීන් ප්‍රහාර එල්ල කර තිබේ.

මියගිය පිරිසට එන්නත් කණ්ඩායමක සාමාජිකයෙකු, රියදුරන් දෙදෙනකු සහ පොලිස් නිලධාරියෙකු අයත් බව එරට මාධ්‍ය වාර්තා පවසයි.

දරුණු ලෙස ඉබෝලා රෝගය පැතිරී ඇති කොංගෝවේ සිදුවන මෙවැනි ප්‍රහාර හේතුවෙන් රෝගය පාලනය කිරීමට ගන්නා උත්සාහයට දැඩි බලපෑම් එල්ල වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.

Read more

Local News