සියලු ජාතීන් සහ රටවල් සමඟ මිත්‍රශිලීව කටයුතු කරන්න නව රජය බලාපොරොත්තු වෙනවා

Share

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන වාණිජ සේවා සපයන්නා බවට පත් කර ගැනීමට අප රට සමග එක්වන ලෙස සෞදි අරාබියානු රජයට ආරාධනා‍ කරන බව අමාත්‍යවරිය පවසයි.

 

සෞදි අරාබි රාජ්‍යයේ 48 වන ජාතික දිනය සැමරීම වෙනුවෙන් පැවැති උත්සවයක් අද (03) රාත්‍රියේ කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි.

මෙම අවස්ථාවට එක් වෙමින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා, කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්ච් මහත්මිය මෙම අදහස් පළ කරන ලදි.

උත්සව සභාව අමතින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යතුමිය,

“සෞදි අරාබි රාජ්‍යයේ 48 වන ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් උත්සවයට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහ ශ්‍රී ලාංකික ජනතාව නියෝජනය කරමින් සහභාගිවීමට ලැබීම සතුටට කරුණක්.

සෞදි අරාබි රාජ්‍යයේ ජනාධිපතිවරයා වන Mr. Sheikh Khalifa Bin Zayed Al Nahyan මහතා වෙත ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය තුමා, ශ්‍රී ලාංකික රජය සහ ශ්‍රී ලාංකික ප්‍රජාව වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක් කරනවා.”

“පසුගිය නොවැම්බර් මස 16 දින පැවැති ජනාධිපතිවරණයේ දී ශ්‍රි ලාංකික ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත මෙම රට නිවැරදි දිශාණතියකට යොමු කිරිම සදහා අවස්ථාව උදා කර දී තිබෙනවා.

මෙම නව රජය සියලු ජාතීන් සහ රටවල් සමග මිත්‍රශිලීව වැඩ කිරීමේ විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාව රටක් වශයෙන් කටයුතු කිරීමේ දී ප්‍රධාන අරමුණු වශයෙන් නීතියේ ස්වාධිපත්‍ය සහ සමානාත්මතාවය පෙරටුකර ගනිමින් කටයුතු කරනවා.

මෙහිදි ජාත්‍යන්තර මැදිහත්වීම්, පවතින ගෝලීය තර්ජන, සාමය ආරක්ෂා කිරිම ආදි ලෝකයේ ඉදිරිපැවැත්මට සමගාමීව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.”

“අප රටවල් දෙක අතර 1979 සිට වසර 40 ක් පුරා පවතින මිත්‍රත්වය, ද්විපාර්ශ්වික සබදතා, සමීප සහයෝගීතාවය පවතින ලෙසම ආරක්ෂා කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. 1979 අබුඩාබියේ පිහිට වූ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෙරට අතර සහයෝගිතාවය ඇති කර ගැනීමට තැබු පළමු පියවරයි.

එහි ප්‍රතිඵලයක් ලෙස 1999 වර්ෂයේ දී අප රට තුල සෞදි අරාබියානු තානාපති කාර්යාලයක් පිහිටවනු ලැබුවා.”

“අප රටෙන් විදේස් ශ්‍රමිකයින් ලෙස වැඩිපුරම ජනතාවක් සේවය කරන එකම රට සෞදි අරාබියානු රාජ්‍යය වෙනවා. එම ප්‍රමාණය දෙලක්ෂ හැටනවදාහසක් පමණ වෙනවා.

පසුගිය කාලය තුල දෙරට අතර ආර්ථික හා වෙළෙද සබඳතා තවදුරටත් ශක්තිමත් වෙලා තිබෙනවා. එක්සත් ආරාබි රාජ්‍ය ශ්‍රී ලංකාව තුල ආයෝජනය කරන්නන්ගෙන් ප්‍රධාන ආයෝජකයෙක් වනවා. අනාගතයේ දී ලංකාවේ පිහිටුවීමට බලාපොරොත්තු වන සුර්ය සහ සුළං බල ශක්ති ව්‍යාපෘතිවලට අරාබි රජය ආයෝජනය කරයි කියලා අප බලාපොරොත්තු වෙනවා.

ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරයේ ප්‍රධාන වාණිජ සේවා සපයන්නා බවට පත් කර ගැනීමට අප රට සමග එක්වන ලෙස සෞදි අරාබියානු රජයට ආරාධනා කරනවා.

දෙරට අතර වෙළද සහ ආර්ථික සබධතා ප්‍රවර්ධනය කිරීමට සෞදි අරාබි ව්‍යාපාර සමුළුවක් ඉදිරියේ දී පැවැත්වීට පියවර ගන්නවා. ඒ සදහා මුලික පියවර දැනටමත් ගෙන තිබෙනවා.

ඒමෙන්ම දෙරට අතර පවතින ගුවන් සබධතා තවත් ශක්තිමත් කර ගැනීමට ද කටයුතු කරනවා. දෙරටේ ම ජනතාව තම සංචාරක කළාප ලෙස මෙම රටවල් දෙක යොදාගැනීමට බලාපොරොත්තු වෙනවා. අධ්‍යාපන, ශ්‍රමදායකත්වය, ආරක්ෂණ, ආයෝජන ඇතුලු  තවදුරටත් දෙරට ද්විපාර්ශ්වික සබදතා වර්ධනය කර ගැනීමට ද  ඉදිරියේ දී බලාපොරොත්තු වෙනවා.”

“එමෙන්ම 2020 ඔක්කෝබර් මස 20 දින සිට 2021 අප්‍රේල් මස 10 දින තෙක් ඩුබායි හිදී පැවැත්වෙන Expo 2020 වැඩසටහන සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකා රජය වෙනුවෙන් සුබ පැතුම් එක් කිරීමට ද මෙය අවස්ථාවක් කර ගන්නවා.” යනුවෙන් වැඩිදුරටත් පැවැසීය.

Read more

Local News